කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයේ පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.

Scan the qr code to link to this page

නබි වදන
විවරණය
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයෙන් පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.” තවත් වාර්තාවක: “සූරා අල්-කහ්ෆ් අවසානයෙන්” යැයි සඳහන්ව ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

වාර්ථාවන් දෙක අනුව කවරෙකු සූරා අල් කහ්ෆ් හි ආරම්භයෙන් හෝ එහි අවසානයෙන් හෝ පාඨ දහයක් කට පාඩම් කළේද උත්තරීතර අල්ලාහ් ඔහුව දජ්ජාල්ගේ හානියෙන් හා ඔහුගේ අර්බුධයෙන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ අනුහසින් ඔහු කෙරෙහි ආධිපත්යය නොදරනු ඇති අතර ඔහුට කිසිදු හානියක් ද ඔහු විසින් සිදු නොවනු ඇත.

ප්‍රවර්ග

එවීම සාර්ථකයි