ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි....

Scan the qr code to link to this page

නබි වදන
විවරණය
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. “ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කළ හදීසයකි. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. යැයි පවසා සිටියහ. එනම්, අල් කුර්ආනය මනා ලෙස හසුරන එය ආරක්ෂා කරන තැනැත්තා යන්නයි. මෙහිදී අදහස් කරනුයේ අල්කුර්ආනය වනපොත් කර ගනිමින් මනා ලෙස අල් කුර්ආනය කියවන්නා දැහැමි උතුම් දේව දූතයින් සමග සිටීවි යන්නය. මෙම උතුම් දැහැමි උදවිය මලක්වරු වෙති. සූරා අබසා හි 13-16 දක්වා වූ වැකි මෙසේ පවසා සිටියි. (අල්කුර්ආනය) පිවිතුරු, උසින් පිහිටන ලද, ගෞරවණීය පුස්තකයේ විය. එය දැහැමි ගෞරවණීය උතුම් අයගේ අත්හිය.එහෙයින් දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා මලක්වරුන් සමග වෙති. හේතුව දැහැමි උතුම් මලක්වරුන්ට එය පහසු කළාක් මෙන්ම ඔහුටද එය පහසු කරනු ඇත. අල්කුර්ආනය කියවීමේදී ඔවුන් මලක්වරුන් හා සමානව සිටිති. අල්ලාහ් අබියස වූ තරාතිරම්වලදී ද ඔවුනට සමාන වෙති. එසේම, අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි. පළමුවැන්න අල්කුර්ආනය කියවීම සඳහාය. දෙවැන්න, අපහසුතාව හා දුෂ්කරතාව සඳහාය.

ප්‍රවර්ග

එවීම සාර්ථකයි